හවුල්කාර පක්ෂවල තවත් හමුවක්

කෙරවලපිටිය බලාගාර ගිවිසුම සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල සාකච්ඡාව ඊයේ පස්වරුවේ පැවැත්වුණා.

ඒ, අමාත්‍ය උදය ගම්මන්පිලගේ නිවසේදීයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මහාචාර්ය තිස්ස විතාරණ ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

මෙහිදී තීරණය වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන් සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව කඩිනමින් තවත් සාකච්ඡාවක් පැවැත්වීමටයි.

මෙම හවුල්කාර පක්ෂ නායකයින් පසුගියදා අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයාද මුණ ගැසුණා.