දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ සක්‍රීය වෙයි

දශක 05කට පසු රත්මලාන ගුවන් තොටුපොළ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානම්.

සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන මස මැද වනවිට රත්මලාන ගුවන්තොටුපොළේ සිට පළමු කාලසටහන්ගත ගුවන් යානය මාලදිවයින දක්වා ගමන් කිරීමට නියමිත බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රධාන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ සංවර්ධනය කිරීමට සැලසුම් කෙරෙනවා.

ඒ අනුව, දේශීය ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක්, විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් සහ ගුවන් පුහුණු මධ්‍යස්ථානයක් ලෙස එය සංවර්ධනය කිරීමට නියමිතයි.

එමෙන්ම, ඉහළ ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කරගෙන පුද්ගලික ගුවන් යානා මෙරටට ගෙන්වා ගැනීම ප්‍රවර්ධනය කිරීමටත්, පුද්ගලික ගුවන් යානා සඳහා තාක්ෂණික නැවතුම් සේවා, ඉන්ධන පිරවුම් කටයුතු ද ආරම්භ කිරීමටත් සැලසුම් කෙරෙනවා.

1938 දී ආරම්භ කෙරුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 1968 වසරේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ක්‍රියාත්මක වීමත් සමඟ කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවා.

මාලදිවයින් ගුවන් සමාගම සමග පැවති සාකච්ඡා අනුව රත්මලානේ සිට යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට එකඟත්වය පළ වී ඇති අතර, පවතින සම්පත් උපයෝගි කර ගනිමින් නව කලාපීය ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.