නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනපති දිසාපතිවරුන්ට කියයි
කොරෝනා වසංගතයත් සමඟ වසර දෙකක් තුල සියලු අංශයන්හි සිදුවූ පසුබෑම ජය ගැනීමට නව සාමාන්‍යකරණය යටතේ නව ජවයකින් වැඩ කිරීමට සූදානම් වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.
ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකදීයි.
රජයේ සැලසුම් ප්‍රකාරව අපේක්ෂා කළ ඉලක්ක වෙත එළඹීමට නොහැකිවුවත්, සියලු පාර්ශවයන්ගේ කැප කිරීම් මත කොරෝනා මර්දනයට සාර්ථකව මුහුණදීමට හැකිවූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර ඇත්තේ.