ලබන වසර සඳහා වන අයවැය ලේඛණය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා වන අයවැය ලේඛණය නොවැම්බර් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

එමෙන්ම අයවැය 03 වන වර කියැවීම හෙවත් අවසන්වර කියැවීමේ අවස්ථාවේ ඡන්ද විමසීම දෛසැම්බර් 10 වනදා පැවැත්වීමටද එකගතාවය පළවූ බවයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිවේදනය කලේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඊට අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 2505.3 ක මුදලක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

ඉන් බිලියන 1,776ක් පුනරාවර්ථන වියදම් ලෙසයි දැක්වෙන්නේ.