ඩයනා, සමගි ජන බලවේගයෙන් නෙරපයි
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට ඊයේ රැස් වූ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.
පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ඩයනා ගමගේගෙන් විමසීමක් කළා.
ඇය කියා සිටියේ, තමන්ට හිමි පක්ෂයෙන් තමන් නෙරපා හැරීමට කිසිවෙකුටත් නො හැකි බවයි.