කාබනික පොහොර භාවිතය ගැන ආණ්ඩුවට යෝජනාවක්

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25ක පමණක් නියමු ව්‍යාපෘතියක් ලෙස කාබනික පොහොර භාවිතය සිදුකළ යුතු බවට ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.

ඒ පසුගියදා පොහොර ගැටළුව සම්බන්ධයෙන් පැවති රජයේ අභ්‍යන්තර සාකච්ඡාවකදියි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ වනවිට රසායනික පොහොර භාවිතයෙන් ඉවත්වීමත් සමඟ විවිධ පාර්ශවවලින් එල්ලවී ඇති චෝදනා සැළකිල්ලට ගනිමිනුයි මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ.

වසරක කාලසීමාවක් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25 නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර එහි සාර්ථකත්වය මත දිවයින පුරා කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීම යෝජිත බවයි අදාළ යෝජනාවේ දැක්වෙන්නේ.