මහජන ආරක්ෂක ඇමති සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අතර සාකච්ඡා

මහජන ආරක්ෂාව වැඩිදියුණු කිරිම සඳහා දැනට පවතින පොලිස් යාන්ත්‍රණය නවීකරණය කිරිම හා 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරිම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් විරසේකර සහ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සේරා හල්ටන් සාකච්ඡා කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යශයේ පැවැති එම හමුවේදි බ්‍රිතාන්‍ය සහ ශ්‍රි ලංකාව අතර දීර්ඝ කාලිනව පවතින සබඳතා ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි එම අමාත්‍යංශය නිවේදනය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ සඳහා පවතින පොදු කරුණු සම්බන්ධයෙන් එහිදි අදහස් හුවමාරු කරගෙන ඇති අතර, දෙරට අතර, ද්විපාර්ශවික මිත්‍රශීලි සබඳතා ශක්තිමත් කිරිම සම්බන්ධයෙන් ද සාකච්ඡා වී තිබෙනවා.

ආරක්ෂාව පිලිබඳ සබඳතා වැඩිදියුණු කිරීම මෙන්ම නිතිය ක්‍රියාත්මක කරන ආයතන තුළ වෙනත් ජාතීන්ගේ නියෝජනය වැඩි කිරිම වැනි කරුණු ද මෙහිදි සාකච්ඡාවට බදුන් වි ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.