ඩීසල් , පෙට්‍රල් , මිල නග්ගන්න ලංකා අයි. ඕ.සී සමාගම ඉල්ලයි!

ලෝක වෙළද පොලේ ඛණිජ තෙල් මිල ඉහළ යෑම සැලකිල්ලට ගනිමින් ඩීසල් ලීටරයක් රුපියල් 25 කින් සහ පැට‍්‍රල් ලීටරයක් රුපියල් 15කින් මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා අයි. ඕ.සී සමාගම රජයෙන් ඉල්ලා සිටියි.

මෙරට ඉන්ධන වෙළදපොළේ දෙවන ප‍්‍රධාන සැපයුම්කරු වන්නේ ලංකා අයි. ඕ.සී සමාගමයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඉන්ධන අලෙවියෙන් සමාගම පාඩු ලබන බව පවසන ලංකා අයි. ඕ.සී සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, මිල ඉහළ දැමීම සදහා මෙසේ අවසර ඉල්ලා තිබේ.

මේ අතර ඊයේ දිනයේ දී මාධ්‍ය හමුවක් පැවැත් වූ විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද ඉන්ධන මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නැති බව පවසා සිටියේ ය.

කෙසේ වෙතත්, මේ මොහොතේ ඉන්ධන මිල ඉහළ දැමීමක් සිදු නොකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වාර්තා වේ.