කොළඹ ගොඩනැගිල්ලකින් ජීව උණ්ඩ 205ක් සොයාගෙන තිබේ.
කොළඹ බ්‍රිස්ටල් වීදියේ 05 මහල් ගොඩනැගිල්ලක වැසිකිළියක සගවා තිබූ ජීව උණ්ඩ 205 ක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
කොළඹ කොටුව පොලීසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම උණ්ඩ තොගය සොයා ගෙන තිබුණු අතර එම උණ්ඩ අතර ටී 56 ජීව උණ්ඩ 176 ක් සහ මිලිමීටර් 09 වර්ගයේ ජීව උණ්ඩ 29 ක් තිබී ඇත.
අදාල ගොඩනැගිල්ලේ සේවය කරන සනීපාරක්ෂක සේවකයෙකු විසින් මෙම උණ්ඩ තොගය දැක ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කර ඇත.