“මින් පස්සේ දුරකථන අංකය දුරකථන සමාගමට අයිති නෑ” : ඕෂධ සේනානායක
කිසියම් දුරකථන සමාගමක් මගින් පාරිභෝගිකයකු මිලදී ගන්නා දුරකථන අංකයෙහි අයිතිය පාරිභෝගිකයා සතු බැවින් එම අංකය වෙනත් දුරකථන සේවා සමාගමක් හා සම්බන්ධ කර සේවා ලබාගත හැකි බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා පැවසීය.
ඔහු මේ බැව් පැවසූවේ ඊයේ (14) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ඒ අනුව කිසිදු දුරකථන සේවා සමාගමකට ගැති නොවී තමා සතු දුරකථන අංකය වෙනත් ජාලයක් කරා රැගෙන යෑම සඳහා නෛතික අවකාශයක් ලැබෙන බව ඒ මහතා සඳහන් කළේය.
පොදුවේ එක් එක් පුද්ගලයාට අනන්‍ය වන දුරකථන අංකයක් ලබාදීම සඳහා විදුලි සංදේශ කොමිෂන් සභාව කටයුතු කරන බවත්, ඒ අනුව සන්නිවේදන සේවා සපයන්නා වෙත ගැති නොවී තමන්ගේ අංකය තමන්ට අනන්‍ය ලෙස පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සහ තාක්ෂණික කටයුතු දැන් අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා කියා සිටී.
දත්ත මැකීයෑම පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා තමන් මීට මාස දෙකකට පෙර තොරතුරු තාක්ෂණ සන්නිවේදන ආයතනය භාරගත් බවත් ඒ අනුව රාජ්‍ය දත්ත ගබඩාව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් කීවේය