රිමාන්ඩ් එකේ සිටි ඉරාන රැඳවියන් දෙදෙනක් සැනිටයිසර් බී නසියි : තවත් රැඳවියන් 10 දෙනෙකු රෝහලේ

විෂබිජ නාශක දියර පානය කිරීමෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික රැඳවියන් දෙදෙනකු මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, තවත් රැඳවියන් 10 දෙනෙකු රෝගාතුර වී බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූවන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ දිනයේ ඉරාන තනාපති කාර්යාල නිලධාරීන් ඔවුන් බැලීමට පැමිණි අවස්ථාවේදි විෂබිජනාශක දියර රැඳවියන්ට ලබා දී ඇති බවයි.