ප්‍රාථමික අංශ දරුවන්ට නිල ඇඳුම් අනිවාර්ය නෑ!
හෙට (25) දින දිවයිනේ ප්‍රාථමික අංශයේ පාසල් ආරම්භ කිරීමේදී ඕනෑම සුදුසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීමට සිසුන්ට අවස්ථාව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියි.
පාසල් උපකරණ හා නිල ඇඳුම් සපයා ගැනීමට නොහැකිවූ සිසුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.