හේෂා, චමින්ද , සජිත්ගේ වැඩ ගැන කළකිරී සජබ තනතුරුවලින් ඉවත් වෙයි!

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන මහත්වරු සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ඊයේ (ඔක්. 25) ලබාදී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ආරංචි මාර්ග අනුව දිස්ත්‍රික්කයේ වැඩි ම මනාපලාභීන් ලෙස දිස්ත්‍රික් කටයුතුවල වැඩසටහන් කර ගැනීමට නොහැකි වීම අර්බුදකාරී තත්ත්වයට හේතු වූ බව සඳහන් වේ.

සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇති වූ කළ කිරීම් මත ඔවුන් මෙසේ මේ තීරණය ගෙන ඇති බව පැවසේ.

විශේෂයෙන් මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට යම් වැඩපිළිවෙළක් සිදුකිරීමට පක්ෂය තුළ ඉඩ නොතිබීම ද මේ ඉල්ලා අස්වීමට තවත් හේතුවක් බව පැවසේ.

තම ප්‍රදේශයේ ජනතාවට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇතත් ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි ද වාර්තා වේ.