සබරගමුව පුද්ගලයකුට පහරදුන් පොලිස් ලොක්කාට මාරුවක් (video)
පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී සිටින සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා මාරුවක් ලබා දී තිබේ.
මෙම සිද්ධියට අදාල වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ පැතිර ගොස් තිබුණි.
වහාම ක්‍රියාත්මක වන පරිදි පරීක්ෂණයකට යටත්ව ඔහුව පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ වෛද්‍ය සැපයුම් හා සුබසාධන කොට්ඨාසයට මාරුකිරීමට පොලිස්පතිවරයා නියෝග කර ඇත.
සබරගමුව පළාතේ වැඩ ආවරණය කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කේ. පී. එම්. ගුණරත්න මහතා පත්කර ඇති බවද වාර්තාවේ.