ආණ්ඩුවට 150ක් ඉන්නවා. එකට වැඩකරන්න බැරි නම් වෙන්වෙමු
යුගදනවි ගිවිසුමට විරෝධය පළ කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11ක් ඊයේ (29) වෙනම මහජන රැස්වීමක් පැවැත්වූ අතර ඔවුන්ගෙන් ආණ්ඩුවට ඉතාම දැඩි විවේචනයක් එල්ල විය.
ආණ්ඩුවෙන් ඉවත් වීමටත් තමන් සූදානම් බවක් එහිදී ඔවුන් පැවසූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්රබලයෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද ඊට ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ අදහස:
මම හිතන්නේ අපි සමහරක් ජිවත් වෙන්නෙම අතිතයේ. අතීත ශ්‍රි විභූතියේ ! හැබැයි කථාවක් තියෙනවා හැමදාම එකම දේ කරලා වෙනස් ප්‍රථිපලයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා.
අපි හැමදාම එකම විදියට හිතලා,එකම විදිහට වැඩ කරලා,එකම දේ කරලා වෙනස් ප්‍රථිපලයක් හොයනවා. යන්ත්‍රයට හැමදාම දර දාලා කේජු බලාපොරොත්තු වෙනවා.අපිට රටේ ජනතාව බලය දුන්නේ මෙන්න මේ වෙනස කරන්න. ගතානුගතික බවෙන් මිදුනෙ නැත්නම් අපේ කදවුර විනාශ වෙනවා.
ආණ්ඩුවේ 150 ක් ඉන්නවා.අපි හැමෝටම මතයක්,අදහසක් තියෙනවා. හැබැයි අපිට ඕන දේම හැමදාම වෙන්නේ නෑ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බෑ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් ඒක සාධාරණත් නෑ. ගුණ-අගුණ,හොද-නරක, මේ සියල්ල අපට දරාගන්න සිද්ද වෙනවා. ආණ්ඩුව ගන්න උදව් කළා වගේම ආණ්ඩුව ගෙනියන්න උදව් කරන්න සිද්ද වෙනවා.
ආණ්ඩුව ගන්න උදව් කරා කියලා ආණ්ඩුව වට්ටන්න වැඩ කරන්න අයිතිවාසිකමක් ලැබෙන් නෑ.රෝපණය කළා නම් හැදෙන්න රූස්සව වැඩෙන්න උදව් කරන්න.ඍතුවට අනුව දළු දානකොට දළු වල පාටින් කොළ ගැන හිතලා මුල කැපුවොත් ගහ මැරෙනවා.අපි මේ ගෙවන්නෙ ඉතාම දරුණු,බිහිසුනු වගේම ව්‍යසනකාරි ඍතුවක්.මේ අලුත් දළු ලියලන්නෙ ඒ ව්‍යසනකාරී ඍතුවට ඔරොත්තු දෙන්නමයි.ඍතුව තේරුම් අරන් එක්ව වැඩකරමු. එහෙම බැරිනම් වෙන්වෙමු!
මම
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්