ගමන් බෑගයකින් කාන්තා මල සිරුරක් හමුවේ..

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.

මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 – 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.

එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..

මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කළේය.