කතරගම පොහොට්ටු මන්ත්‍රීලා 6ක් විපක්ෂයට සහය : අයවැය පරදියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 වසරට අදාළ අය-වැය අද (10) වැඩි ඡන්දයෙන් පරාජය වී තිබේ.

වසර 2022 අය-වැය යෝජනාව සඳහා පොදුජන එක්සත් පෙරමුණේ පාලක පක්ෂයේ උපසභාපති සමග මන්ත්‍රීවරුන් 6 දෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනා ඊට විරුද්ධව ඡන්දය භාවිත කර ඇතැයි වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඇය-වැයට පක්ෂව හිමි වී ඇත්තේ ඡන්ද දෙකක් පමණි.

ඒ අනුව, නව වසර සඳහා වන ඇය-වැය දෙවන වරට ඉදිරිපත් කරන බව කතරගම ප්‍රාදේශීය සභා සභාපති චානක අමිල් රංගන මහතා පැවසී ය.