පෞද්. සේවකයන් විශ්‍රාම යන වයස 60 කරන පනත් සම්මතයි

සේවකයන් විශ්‍රාම යාමේ අවම වයස පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (11) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

මෙම පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දැන්වීමට කැමති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර, කම්කරුවන්ගේ රක්ෂා අවසාන කිරීමේ විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත කරන ලද බවද කථානායකවරයා වැඩිදුරටත් නිවේදනය කළේය.

මේ අනුව, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කෙරේ.