2022 අයවැය ජනතාවට හීං දහඩිය දාන අයවැයක් : ජනතා විමුක්ති පෙරමුණ

රජය ඉදිරිපත් කළ 2022 අයවැය ජනතාවට හීං දහඩිය දාන අයවැයක් බවත් අධික ජීවන වියදමට එහි කිසිඳු විසඳුමක් යෝජනා කර නොමැති බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් ප්‍රකාශ කර සිටිනවා.

ලබන වසරේ රජයේ වියදම කෝටි ලක්‍ෂපහමාරක් වීම නිසා විශාල අයවැය හිඟය පියවීම සඳහා කෝටි තුන්ලක්‍ෂ විසිදහසක් ණය ගැනීමට සිදුවීමෙන් ජනතාවගේ හිස මත තවත් ණය කන්දක් පාත්වන බව කී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා අධික බඩු මිල ප්‍රශ්නයට ජනතාවට කිසිඳු උත්තරයක් අයවැයේ නොමැති බව ද සඳහන් කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මිල අධික ලෙස ඉහළ ගිය ගෑස්, තෙල්, පරිප්පු, හාල්, සීනි සහ පිටි ආදි සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබී ජීවන වියදම් සහනක් ජනතාව බලාපොරොත්තු වූ බව කී විජිත හේරත් මහතා පැවසුවේ මෙවර අයවැය ද වෙන්දා මෙන්ම නිකම්ම නිකන් වචන හරඹයක් පමණක් බවයි.

තෙල් මිල මීට පෙර ඉහළ දමා තිබීම නිසා එහි තවත් වැඩි කිරීමට දෙයක් ඉතිරිව නොතිබුණ බව කී මන්ත්‍රීවරයා බැසිල් රාජපක්‍ෂ මහලොකු විප්ලවයක් කරනවා යැයි කීවත් අයවැයේ එවැනි පෙරළියක් නොමැති බව කීයා සිටියා.

වාහනයක් අනතුරකට ලක්වුවහොත් අනතුර වළක්වානොගැනීමට ද ගෙවීමක් කිරීමට අයවැයෙන් යෝජනා කිරීමෙන් වාහනයකට අනතුරක් නොවුණ ද සියලුම දෙනාට පොදුවේ රක්‍ෂණ වාරිකය ඉහළ යන බව පැවසූ විජිත හේරෙත් මහතා රක්‍ෂණ සමාගම් රජයට එම මුදලට ගෙවීමට නම් වාරික මුදලට වැඩි කළ යුතු බවත් සඳහන් කළේ.