හෙට කොළඹ උද්ඝෝෂණයක්! පිරිසට කොළඹ එන්න දෙන්න එපා! : පොලිස්පති
හෙට (16) දිනයේදී කොළඹ උද්ඝෝෂණයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවත්, ඊට සැලකිය යුතු පිරිසක් පැමිණීමට සූදානමින් සිටීම හේතුවෙන් එය වළක්වාලීමට පියවර ගත යුතු බව දන්වමින් පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නියෝගයක් නිකුත් කොට ඇත.
ඒ අනුව උද්ඝෝෂණයට පැමිණෙන පිරිස් හරවා යැවිය යුතු බවද එම නිවේදනය මගින් පොලිස්පතිවරයා දැනුම් දී තිබේ.