සිංහල සිනමාව කර්මාන්තයක් කරයි

සිනමාව කර්මාන්තයක් ලෙස ලියාපදිංචි කිරීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

දේශිය සිනමා කර්මාන්තය / කර්මාන්තයක් ලෙස නීත්‍යානුකුළව ප්‍රකාශයට පත් කර නොමැතිවිම නිසා එහි ප්‍රමාණය හා වර්ධනය කුඩා වෙළෙදපලකට සීමා වන බව මේ සතියේ කැබිනට් තීරණ සහිත ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ලෝකයේ බොහෝ රටවල දියුණු සිනමා ක්ෂේත්‍රයේ වර්ධනයක් සිදුව ඇත්තේ සිනමාව කර්මාන්තයක් ලෙස පිළිගැනිමෙන් අනතුරුව බවද කැබිනට් මණ්ඩලය නිරීක්ෂණය කර ඇති බව එහි දැක්වේ.