ඕස්ට්‍රියාව හෙට සිට ලොක්ඩවුන්

කොවිඩ්-19 එන්නත් ලබානොගත් පුද්ගලයන් ලොක්ඩවුන් විය යුතු බවට නිවේදනය කර දින කිහිපයකට අනතුරුව මුළු රටම සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරන බවට ඕස්ට්‍රියාව නිවේදනය කරයි.

හෙට සිට ඇරඹෙන මෙම අගුලු දැමීම උපරිම දින 20ක් පවතිනු ඇති බවත්, ලබන වසරේ පෙබරවාරියේ සිට එන්නත් ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක් වනු ඇති බව ඕස්ට්‍රියානු චාන්සලර්වරයා වන ඇලෙක්සැන්ඩර් ෂෝලන්බර්ග් පවසයි.

ඔස්ට්‍රියාවේ ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණක් මේ වනවිට එන්නත් මාත්‍රා දෙකම ලබා ඇති අතර, එය ලැජ්ජාවට පත්විය යුතු පහත් තත්ත්වයක් බව චාන්සලර්වරයා පවසයි.

විශේෂයෙන්ම එය බටහිර යුරෝපයේ අඩුම එන්නත් අනුපාතයන්ගෙන් එකක් වන අතර, මේ තත්ත්වය තුළ ආසාදන ඉහළ යමින්, පසුගිය දින හතක කාලයේදී ජනගහනය 100,000කට ආසාදිතයන් 991ක් වාර්තා විය.

අපට පස්වැනි රැල්ලක් අවශ්‍ය නෑ, යැයි ඔහු එරට පළාත් ආණ්ඩුකාරයන් හා හමුවකදී පවසා තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!