සුමන්තිරන් – ශානක්‍යයන් කැනඩාවේ තියපු රැස්වීමට LTTE විරෝධය:සුමන්තිරන්ව පන්නා දමති (VIDEO)
එම්.ඒ. සුමන්තිරන් හා ශානක්‍යයන් රාසමාණික්කම් යන මහත්වරුන් කැනඩාවේ ටොරොන්ටෝ නුවර පැවැත්වූ රැස්වීමකට එල්ටීටීඊ හිතවාදීන් කඩාවැදී විරෝධය දැක්වීම හේතුවෙන් මහත් කලබගෑනියක් ඇතිවූ බව වාර්තා වේ.
මෙහිදී එල්ටීටී හිතවාදීන් කොටි කොඩි ඔසවමින් සුමන්තිරන්ට ද්‍රෝහියා යනුවෙන් ආමන්ත්‍රණය කරනු දැකගත හැකි විය.
මතුවූ උණුසුම්කාරී තත්ත්වය කැනඩා පොලිසියට පවා පාලනය කරගත නොහැකි තත්ත්වයක් කරා වර්ධනය වී තිබූ ආකාරයක්ද දැකගත හැකි විය.