රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී උපාංගයක් හමුවෙයි
මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී උපාංගයක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී මෙම උපාංග සොයාගත් බව පැවසේ.
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා නොවැම්බර් 10දා ඔහුව කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරයි.