කින්නියා පාලම් පාරුව පෙරළීමෙන් 06ක් මරුට : ඛේදවාචකයට විපක්ෂ නායක සොව පලකරයි.
ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ කුරින්ඥන්කර්නි පාලම අසල පුද්ගලයින් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් අද (2021 නොවැම්බර් 23) උදෑසන 07.30 පමණ අනතුරට පත්වී එම කළපු ප්‍රදේශයේ ගිලී යාමෙන් ආපදාවට පත් පුද්ගලයින් සොයා නාවික හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ඒ අනුව, මෙම විශේෂ ආපදා සහන මෙහෙයුම සඳහා නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, මැරීන් බලඝණය, විශේෂ යාත්‍රා බලඝණය සහ කිමිදුම් අංශයෙන් සමන්විත සහන කණ්ඩායම් 08ක් මේ වන විටත් එම අනතුර සිදුවූ ස්ථානයේ මෙහෙයුම් සිදු කරනු ලබයි.
කින්නියා කුරින්ඥන්කර්නි පාලමෙහි සිදුවන අළුත්වැඩියා හේතුවෙන් පුද්ගලයන් ප්‍රවාහනය සඳහා මෙම පාලම් පාරුව භාවිතා කර ඇති අතර, ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව අද (2021 නොවැම්බර් 23) උදෑසන මෙම අනතුර සිදුවන විට මෙම පාලම් පාරුවේ පාසල් ළමුන් ඇතුළු පුද්ගලයින් පිරිසක් ගමන්ගත් බවට වාර්ථාවී ඇත.
එමෙන්ම, මේ වනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත, අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.
කින්නියා පාරු අනතුරේ ඛේදවාචකයට විපක්ෂ නායකතුමා සොව පලකරයි.