මුලතිව් මාධ්‍යවේදියාට පහරදුන් 59 සේනාංකයේ තිදෙනාට ඇප !
මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මහතා ට ඊයේ (27) මුලතිව්හිදි පහරදීමේ සිද්ධියට අදාලව පොලිස් අත්අඩංගුවට පත් හමුදා සොල්දාදුවන් තිදෙනා අද (28) ඇප මත නිදහස් කර ඇතැයි ද, ඔවුන්ට ඉදිරියේදී හමුදා පොලිසියේ පරීක්ෂණයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ද JDS සංවිධානය (Journalists for Democracy in Sri Lanka) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
මෙසේ ඇපමත නිදහස් කර ඇත්තේ ඊරියකඳුරේ ගෙදර විපුල (36), දිනුක සඳරුවන් විජේරත්න (20) හා තිවංක ගීත් ධනංජය (21) යන සොල්දාදුවන් තිදෙනාය.
එම සෙබළුන් 59 සේනානාංකයට අයත් අය බවද පැවසේ.
ප්‍රහාරයකට ලක්ව දැනට රෝහල්ගත කර සිටින මාධ්‍යවේදී විශ්වලිංගම් විශ්වචන්ද්‍රන්ට (Viswalingam Viswachandran) ශ්‍රී ලංකා යුද හමුදා භටයන් විසින් පහරදි ඇත්තේ කටු කම්බි ඒතු තල්පිත්තකින් බව ද මේවන විට අනාවරණය වී ඇත.
මුලතිව් මාධ්‍යවේදින් විසින් ඡායාරුප සාක්ෂිද සහිතව මේ බව පොලිසියට දැනුම් දි තිබේ.
‘මුලතිව් මාධ්‍ය සමාජයයේ භාණ්ඩාගාරිකද වන විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් මේ වන විට මුලතිව් දිසා රෝහලට ඇතුළත් කර සිටී.
ඔහුට මේ ප්‍රහාරය එල්ලවී තිබුණේ මුල්ලිවෛක්කාල නාමපුවරුවේ ඡායාරූප ගනිමින් සිටියදීය.
මේ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක සහිත හමුදාවේ පිරිසගේ ඇදුම්වල මඩතැවරි ඇති අතර මුලතිව් මාධ්‍ය සගයන් විසින් ඒ සියලු ඡායාරුප දැනටමත් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
එසේ මුදාහැර ඇති ඇතැම් ඡායාරූපවල සෙබළුන්ගේ ඇඳුම්වල ලේ පැල්ලම් තැවරී ඇති අයුරු දැක්වෙන ඡායාරූප ද ඇත.