පාදෙණියගේ GMOA සභාපතිකම තහනම්
විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය , රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වරයා ලෙස පෙනී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
මොරටුව දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ එම සංගමයේ විධායක සභාවේ ක්‍රියාකාරීත්වය ද නැවත නිලවරණයක් පවත්වන තුරු අත්හිටුවමිනි.
එමෙන්ම එම පිරිසට සාමාජික මුදල් රැස් කිරීම, නීති ගාස්තු අයකිරීම, ශාඛා සමිති නිලවරණ පැවැත්වීම, නිල නාමය භාවිතා කිරීම හෝ සංගමය නමින් පෙනී සිටීම ද තහනම් කර තිබේ.
මෙම නියෝගය නිකුත් කර ඇත්තේ තවත් වෛද්‍යවරුන් පිරිසක් විසින් ගොනු කර තිබූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි.