විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය රටම කළුවර කරන්න ලෑස්ති වෙයි!
බලාගාරවල සේව කරන ඉංජිනේරුවරුන් ද ඉදිරියේදී රාජකාරියෙන් ඉවත්කර ගන්නා බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියද බලාගාර හා මෙහෙයුම් පද්ධතිවල ඉංජිනේරුවන් සේවාමුරක්‍රමයට රාජකාරිකරන බව ද ඉදිරි පියවරේදී ඔවුන්ද රාජකාරිවලින් ඉවත්කර ගන්නා බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
ලංවීම ඉංජිනේරු සංගමය ආරම්භකර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පියවරෙන් පියවරට දැඩි කරන අතර අවසානයේ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව ද සභාපතිවරයා කීවේය.
වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළහොත් මුළු රටම අඳුරේ වැටෙන බව ඔහු පවසයි.