මෙරට ට පැමිණි සංචාරකයින් ගැන අනාවරණයක්
මීට සතියක පෙර පළමුවරට දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 31කට ව්‍යාප්ත වී තිබේ.
පසුගිය පැය 24දී ප්‍රංශයෙන්, දකුණු කොරියාවෙන්, ඝානාවෙන්, ග්‍රීසියෙන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්ද ඔමික්‍රෝන් ආසාදිතයන් සොයාගැණුනි.
මේ අතර සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග නොවැම්බර් මසදී පමණක් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 44,117කට ආසන්නය.
ඒ අතර ඉන්දීය ජාතිකයින් ද වෙයි.
මේ අතර පළමු වතාවට ඔමික්‍රොන් ආසාදිතයින් දෙදෙනකු ඉන්දියාවෙන් අද වාර්තා වූ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, එම ප්‍රභේදය ඇතැම් විට ශ්‍රී ලංකාවේත් තිබිය හැකි බවය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්යක්ෂ, ආචාර්ය වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා,
“විදේශ රටවල සිට පැමිණි පුද්ගලයින්ගේ සාම්පල අපි වෙත සෞඛ්‍ය අමාත්‍යාංශය යොමු කරලා තියෙනවා, මේ ඔමික්‍රෝන් ප්‍රභේදය තියෙනවා ද කියලා පරීක්ෂා කිරීම සඳහා. අද සහ හෙට මේ පර්යේෂණ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. එහි වාර්තා සති අන්තයේදී නිකුත් කරන්න පුළුවන් වෙයි.”
මේ අතර මෙරට කොවිඩ් මර්දන වැඩසටහන සඳහා රුපියල් බිලියන 113ක මුදලක් රජය වියදම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කළේය.
ඉන් එන්නත් සඳහා පමණක් වැය වී ඇති මුදල රුපියල් බිලියන 63කි.