රටපුරා සිදුවූ විදුලි බිඳ වැටීමේ නවතම තතු

අනුරාධපුර, හබරණ, ලක්ෂපාන, අතුරුගිරිය, කොත්මලේ, කටුනායක, බියගම සම්ප්‍රේෂණ මාර්ගවල විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලයේ සාමානාධිකාරී එම්.ආර් රණතුංග පවසනවා.

ප්‍රධාන සම්ප්‍රේෂණ පද්ධතියේ හදිසි බිඳ වැටීමක් නිසා සිදුවූ දිවයින පුරා විදුලි බිඳ වැටීම නැවත යථා තත්ත්වයට පත් කිරිමට අවශ්‍ය සියලු කටයුතු ගෙන ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මේ අතර මේ වන විට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1000k එක් කිරිමට හැකිව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

මේ අතර අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලික අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු වෘත්තීය සමිතිය සඳහන් කර සිටිනවා.