මහ මග වැටී මියගියේ එක් කොරෝනා රෝගීයෙකු පමණයි, අනිත් කතා බොරු : අජිත් රෝහණ

කොරෝනා වෛරසය ආසාදනය වී මාර්ගවල ඇදවැටී පුද්ගලයන් මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙනගිය පුද්ගලයන් සොයා විමර්ශණ සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අ​දහස් ප​ළකළා. “එක් අවස්ථාවක පමණක් යාචකයෙක් මහා මාර්ගයේදී මිය ගියා කොවිඩ් ආසාදිත තත්ත්වයෙන්. මේ මරණ වලින් එම මරණය පමණයි මහා මාර්ගයේ පුද්ගලයෙක් මිය ගියේ. නමුත් විවිධ මාධ්‍ය වල, වෙබ් අඩවි වල සඳහන් කර තිබෙනවා පිංතූරත් සමඟින් රටේ විවිධ ස්ථාන වල මහා මාර්ගයේ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්දව විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.”

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!