පාකිස්තානයේ දී අමානුෂික ලෙස මරා දැමූ ‘ලාංකිකයාගේ’ දේහය ගැන ලැබුණු තොරතුර
පාකිස්තානයේ සියල්කොට් හි අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා ඇති ශ්‍රී ලාංකිකයාගේ දේහය සඳුදා දිනයේදී මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.
මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
කර්මාන්ත ශාලාවක සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ ප්‍රියන්ත කුමාර නමැති මියගිය ශ්‍රී ලාංකිකයා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය හැදෑරු අයෙකු වන අතර 2010 වසරේදී කාර්මික ඉංජිනේරු කළමනාකරුවෙකු ලෙස එරටට ගොස් 2012 වසරේ දී පන්ජාබ් පළාතේ ක්‍රීඩා උපකරණ කම්හලට එක්වී තිබෙනවා.