ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධියේ ප්‍රධානම සැකකරුවෙක් අල්ලයි

ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල සැකකරු පන්ජාබ් පොලීසියට අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුවෙකු වන අතර ඔහු ආරක්ෂක අංශ මඟ හැර රාවල්පිණ්ඩි බලා යන බස් රථයක සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ප්‍රියන්ත කුමාරට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

මේ වනවිට අදාල සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 130කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ මෙරටට ටගේ එමෙන් අනතුරුව අද (07) උදෑසන ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.