US එම්බර්සිය විසින් ගෙන්වන ලද ලෑන්ඩ් කෲසර් එක!
ඇමරිකානු තානාපති කාර්යාලය විසින් ගෙන්වන ලද ජපානයේ නිෂ්පාදිත ටොයොටා ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථයකට ආණ්ඩුවට පක්ෂපාතී මාධ්‍ය විසින් ඊයේ (10) විශාල ප්‍රචාරයක් ලබාදී තිබිණි.
මෙරට වෙළඳ පළ තුළ රුපියල් කෝටි හය ඉක්මවන මේ මෝටර් රථය එම තානාපති කාර්යාලය හම්බන්තොට වරාය හරහා ලංකාවට ගෙන්වා තිබිණි.
මෙරටට මෝටර් රථ ආනයන කිරීම අත්හිටුවා තිබුණද තානාපති කාර්යාල සතු වරප්‍රසාද යටතේ ඔවුන්ට මෝටර් රථ ගෙන්වා ගැනීම ගැටලුවක් නොවේ.
ලංකාවට මෝටර් රථ ගෙන්වීම අත්හිටුවා ඇත්තේ මෙරට තුළ පවතින උග්‍ර ඩොලර් හිඟයට සහනයක් ලබා ගැනීම සඳහාය