ආණ්ඩුව කරන්න බැරි නම් ආණ්ඩුව අපිට බාර දෙන්න! අපි කරලා පෙන්නන්නම්! – හර්ෂ ද සිල්වා
දැනට රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බූදය විසදීමේ හැකියාව සමගි ජන බලවේගය සතු බවත්, ඒ සදහා වැඩපිළිවෙළක් දැනටමත් සකස් කොට අවසන් බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඒ සදහා හැකියාව ඇති පුද්ගලයන් පක්ෂය සතුව ඇති බව කී ඒ මහතා තමන්ට ජාත්‍යන්තර සබධතා ඇති බවද පෙන්වා දුන්නේය.
එමනිසා ආණ්ඩුව කරගෙන යාමට නොහැකි නම් ආණ්ඩුව අපට බාර දෙන ලෙසත්, රට නිසි අයුරින් ඉදිරියට රැගෙන ගොස් පෙන්වීමට තම පක්ෂයට හැකි බවත් ඒ මහතා කීය.