නත්තලට බීලා බීලා මැරෙන්න… මේකද ආසියාවේ ආශ්චර්ය ? කාදිනල් හිමියන් අසයි
සංචාරක අමාත්‍යාංශය විසින් ඇතැම් හෝටල් සහ ආපනශාලාවලට මත්පැන් අලෙවි කිරීම සඳහා අනුමැතිය ලබාදී ඇති බවට පුවත්පත් වාර්තා කිහිපයක් උපුටා දක්වමින් කොළඹ අගරදගුරුවරයා නත්තලේදී මිනිසුන් බීමත්ව සිටිනවාට රජයට අවශ්‍ය දැයි ප්‍රශ්න කර සිටියා.
” නත්තල් දවසට මත්පැන් විකුණන්න සංචාරක අමාත්‍යාංශයේ අනුමත හෝටල්වලට අවසර දෙන්න කියලා ඉල්ලලා. හොඳයි නේද?. නත්තලට බීලා බීලා මැරෙන්න. මේකද ආසියාවේ ආශ්චර්ය. මේකද සෞභාග්‍යයේ දැක්ම. නත්තලත් බාල්දු කරනවා. සංචාරක අමාත්‍යාංශය භාර ඇමතිතුමා මේ පළාතේ කෙනෙක් නේ. එයා ඒක වටහා ගන්න ඕනේ. වෙසක් උත්සවයට ඒක තහනම් නම් නත්තලටත් ඒක තහනම් විය යුතුයි. ආගම කියන්නේ පාටි දැමීම නෙමෙයි.”
“2019 අප්‍රේල් 21 සිදුවූ ඒ මහා විනාශයට තාම හරි ක්රියාකාරීත්වයක් අපි දකින්නේ නෑ. මහමොළකාරයෝ තාම නිදැල්ලේ කියලා අපිට හැඟෙනවා. ඒ අය ගැන පාස්කු කොමිෂන් වාර්තාවේ නම්වලින්ම සඳහන් කරලා තියෙනවා. ඒ එක්කෙනෙක්ගෙන්වත් තාම ප්‍රශ්න කරලා නෑ. නමුත් නාටකයක් රඟපානවා.”
“ඔය එක දේශපාලන නායකයෙක්වත් අපි උගන්වන දර්ශනය තරම් උසස් නෑ. ඒ පැත්තෙන් මේ පැත්තට හොරා කියනවා. මේ පැත්තෙන් ඒ පැත්තට හොරා කියනවා. ඒ නිසා අපි සමාජය පිරිසිදු කරමු. ආදරය පතුරවමු.” කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියා.