මුතූර් තෝපූර් ප්‍රදේශයේදී සිදු වූ පිපිරීමකින් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට
මුතූර් තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේදී අද (12) සවස් කාලයේදී සිදු වූ පිපිරීමෙන් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
නිවසෙහි ඇති කරන එලුවන් සඳහා ආහාර සොයා අසල පිහිටි පාලු ඉඩමකට ගොස් ගස්වල අතු කපමින් සිටියදී අද පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
බෝම්බයක් වැනි ද්‍රව්‍යක් පුපුරා ගොස් ඇති අතර බරපතල තුවාල ලැබූ දරුවා තෝපූර් රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.
දරුවාගේ මෘතශරීරය මේ වනවිට තෝපූර් රෝහලේ තබා ඇති අතර මූතූර් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.