විදුලි, දුම්රිය සහ තැපැල් සේවකයින් අද වර්ජනයක

විදුලි සේවකයින්, දුම්රිය සේවකයින් සහ තැපැල් සේවකයින් අද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. විදුලි සේවකයින් පවසන්නේ අද දිනයේ ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකරන බවයි. අද දිනයේ පැවැත්වෙන මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට විදුලි වෘත්තිය සමිති 14 කට අධික සේවකයින් එක් වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ සභාපති ඒ කේ ජී යූ නිශාන්ත පැවසුවේ.