සෞදි අරාබිය ගත් තීරණයක් වෙත අවධානය යොමු කරන්නැයි ඥානසාර හිමියන් රජයෙන් ඉල්ලයි
වහබ්වාදය පැතිරවීමේ චෝදනා එල්ලවූ තබ්ලික් ජමාත් නම් සංවිධානයක් තම රට තුළ තහනම් කිරීමට සෞදි අරාබි රජය පියවර ගෙන ඇති බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය.
එක රටක් එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද කොළඹදී ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඒ බව සඳහන් කර තිබුණි.
ඒ අනුව එම තීරණය පිළිබඳ ශ්‍රී ලංකා රජයද සිය අවධානය යොමු කළයුතු බව උන්වහන්සේ අද (16) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පෙන්වාදුනි.