උතුරට ගිය චීන තානාපති වේට්ටියට බහියි

ශ්‍රී ලංකාවේ සිටින චීන තානාපති – චී ජන්හොං මහතා මේ වන විට උතුරු පළාතේ සංචාරයක නිරතව සිටියි.

ඊයේ (16) දින නල්ලූර් කෝවිල වෙත ගිය චීන තානාපතිවරයා දමිළ ජනතාව විසින් අඳිනු ලබන සාම්ප්‍රදායික වේට්ටියකින් සැරසී එහි පූජාවකටද සහභාගී විය.

හින්දු ආගමික හා සංස්කෘතික සම්ප්‍රදායන් හට මුළුමනින්ම ගරු කරමින් තානාපතිවරයා නල්ලූර් කෝවිලේ පුද සත්කාර වලට එක්වූ බවත්, තානාපති කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

පසුව ඔහු කෝවිලට පරිත්‍යාගයක්ද සිදුකර පසුව පිටත සිටින ජනතාව සමග පූජාවද බෙදාහදාගත් බව එහි දැක්වේ.

ඉන්පසුව, තානාපතිවරයා විසින් යාපනයේ හා මන්නාරමේ ධීවර පවුල් 2,500කට ආහාර පාර්සල්, ධීවර ආම්පන්න හා මුහුණු ආවරණ ලබාදී තිබේ.