ආණ්ඩුවෙන් එළියට එන්න යන අලුත්ම ඇමැති ඩලස්ද? පාර කියන්නේ ප්‍රදීපාද?

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ පුවත් පැතිර යමින් තිබේ.

එසේ පැතිර යන එක් පුවතකින් කියවෙන්නේ ඒ මහතා යම් කලකිරීමකින් සිටින බවත්, ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිතව සිටින මැතිඇමැතිවරුන් විශාල පිරිසකට අලහප්පෙරුම මහතා විසින් නායකත්වය ලබා දීමට නියමිත බවත්ය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පළවන පුවත් මෙතෙක් පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ඒ මහතා පියවර ගෙන නොමැති වීමද විශේෂත්වයකි.

පසුගිය දිනෙක අලහප්පෙරුම මහතාගේ බිරිය වන ප්‍රදීපා ධර්මදාස මහත්මියද කාන්තා පුවත්පතකට ප්‍රකාශයක් ලබා දෙමින් බඩු මිල ඉහළ යාම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් පළ කිරීමට පියවර ගෙන තිබිණ.