හදිසියේ කැඳවූ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමක් ජනපති සිංගප්පූරුවේ ඉඳන්ම නවත්වන්න කියලා! හදිසියේම ලංකාවට ආ හේතුවත් ඒකද?
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අගහරුවාදා දින කැඳවා ඇති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපතිවරයා විසින් අවලංගු කොට ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ආණ්ඩු පක්ෂයේ සභානායක කාර්යාලයේ නිලධාරීන් විසින් කැඳවා ඇති බව දැනගන්නට ඇත. ඒ සදහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයෙන් උපදෙස් ලැබී ඇති බවද වාර්තා වේ.
ඒ අනුව සභානායක කාර්යාලයෙන් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අදාළ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම සදහා ආරාධනා කිරීමට පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත. නමුත් මෙම හදිසි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පිළිබදව සිංගප්පූරුවේ සිටින ජනාධිපතිවරයාටද දැනගන්නට ලැබී ඇති අතර පසුව ජනාධිපතිවරයා වහාම එම රැස්වීම අවලංගු කරන ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව නැවත වතාවක් මන්ත්‍රීවරුන්ට කතා කොට එම හමුව අවලංගු කිරීමට සභානායක කාර්යාලයේ නිලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම සිදුවීම පසුගිය අගහරුවාදා සිදුව ඇති අතර පසුව එදිනම බැසිල් රාජපක්ෂ මහතා අමෙරිකාව බලා පිටත්ව යාමට පියවර ගෙන තිබිණ. එමෙන්ම ජනාධිපතිවරයා සිය සිංගප්පුරු සංචාරය කෙටි කොට ලංකාවට පැමිණීමටද පියවර ගෙන තිබිණ.