රන් සංචිත දියකරන්න කැබිනට් යෝජනාවක් : එය සති තුනක ඉන්ධන ගේන්න ප්‍රමාණවත්…
විදේශ සංචිතවල ද්‍රවශීලතා තත්ත්වය ඉහළ නැංවීම සඳහා රටේ රන් සංචිත විකිණීමේ හැකියාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට පසුගිය සතියේ යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.
අමාත්‍යවරුන් ඊට විවිධ අදහස් පළ කොට ඇති බව මව්රට වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂඥ මතයක් රජයට ලබා ගත යුතු බව යෝජනා වී ඇති බවද පැවසේ.
ශ්‍රි ලංකාව සතු රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙස පසුගිය නොවැම්බරයේදී වාර්තා විය.
මාසික ඉන්ධන ආනයනය සදහා මෙරටට අවශ්‍ය මුදල ඩොලර් මිලියන 420කි.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹී නොමැති බව දැනගන්නට තිබේ