ලිට්‍රෝ සභාපති ගෙන් පොරොන්දුවක්

ලිට්රෝ ගෑස්වල සංයුතිය පිළිබඳ කිසිඳු වෙනසක් නැති අතර, ඒ පිළිබඳ විදේශ විශේෂඥ ආයතනවල ද නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර ඇති බවත් ගෑස් භාවිතයේ දී ජනතාව අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය  සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව සඳහන්කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ගෑස් කාන්දු හා පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදු කළ වෙනසක් බවට ඇතැම් පාර්ශ්වවලින් මත පළ වුණද මෙතෙක් වාර්තා වූ කිසිදු සිදුවීමක් ගෑස් සංයුතියේ වෙනසක් නිසා ඇතිවූ සිදුවීම් නොවන බව මේ වන විට තහවුරු වී තිබේ.

ගෑස්වල ප්‍රමිතිය හේතුවෙන් යම් හෙයකින් එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් එක්පුද්ගලයෙකුට රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් ලබාදීමට ලිට්රෝ ගෑස් සමාගම එකඟ වී ඇති බව ලිට්රෝ ගෑස් සභාපතිවරයා පැවසිය.

ගෑස්වල ප්‍රමිතිය පිළිබඳ SLS සහතිකය සහිත නිර්දේශ දැන් නිකුත් වී ඇති අතර, ද්‍රව ගෑස් සංයුතිය බියුටේන් 70%ක සහ ප්‍රොපේන් 30%ක සම්මිශ්‍රණයකි. අද සිට “Propane Max 30% Vol” ලෙස ගෑස්සිලින්ඩරයේ මුද්‍රිතව ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා පැවසීය.

ගෑස් උදුන් සඳහා භාවිතා කරන රෙගියුලේටරය ඇතුළු උපාංග ප්‍රමිතියෙන් තොර බවට දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ වන විට කර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන බවත්, ඉදිරි මාස 03 ඇතුළත ප්‍රමිතියෙන් යුත් උපාංග ලබා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවත් තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා සඳහන් කළේය.

ඉදිරියේ දී එම උපකරණවල ප්‍රමිතිය පිළිබඳ වගකීම ද ප්‍රධාන ගෑස් සමාගම් දෙක වෙත පැවරීමට අපේක්ෂා කෙරේ.

ඉදිරි උත්සව සමයේ ගැස් හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කර නොගත යුතු බව ද ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ මහතා සඳහන් කළේය.

ගෑස් කාන්දු හා පිපිරීම් නිසා ඇති වූ සිදුවීම්වලට අදාළව  නිතිමය පියවර ගන්නේ ද යන්න පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසුමට පිළිතුරු දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ

ගෑස් උදුන් සඳහා භාවිතා කරන උපාංග ප්‍රමිතියෙන් තොරවීම සහ නිවැරදි ලෙස භාවිතයට නොගැනීම හේතුවෙන් බහුතරයක් සිදුවීම් සිදුව ඇති බවට ඒ අනුව වාර්තා වී ඇති අතර, එබැවින් එම කිසිදු සිදුවීමක් සපරාධි හැගීමකින් කළ බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැති බැවින් නඩු පැවරීමට නඩු නිමිත්තක් නැහැ