වෛද්‍යවරු අදත් වර්ජනයේ

සිය ගැටලු සඳහා  නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වු බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කෙසේවෙතත් අද දිනයේ ද අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

ඊයේ දිනයේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණි.