සජිත්ගේ හුස්මට , චීනයෙන් රුපියල් ලක්ෂ දෙසීයක මූල්‍ය ආධාරයක්
සමගි ජනබලවේගයේ “හුස්මක්” වැඩසටහන පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදය සහ, සතුට පළ කරමින් චීන රජය විසින් වකුගඩු ආශ්රිත රෝග පිළිබඳව පරික්ෂණ සඳහා අත්‍යවශ්‍යව පවතින වකුගඩු රෝග ප්‍රතිකාර යන්ත්‍රයක් සදහා රුපියල් ලක්ෂ දෙසීයක මූල්‍ය ආධාරයක් ලබා දීමට අද (22) කටයුතු කර තිබේ.
මේ පරිත්‍යාගය කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී කොළඹ චීන තානාපති චීජං හොංග් මහතා ඇතුළු චීන නියෝජිතයින් පිරිසක් විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සිදුකර ඇත.
කොරෝනා ව්‍යසනය නිසා පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍යමය සුබසාධනය ඉලක්කකර රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමේ අරමුණෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස මේ වැඩසටහන ක්‍රියාත්මක වේ.
මීට පෙර වට 34 ක් තුල ලක්ෂ 1000ට අධික වටිනාකමකින් යුක්ත රෝහල් උපකරණ “හුස්ම” වැඩසටහන හරහා මෙරට රෝහල් පද්ධතියට පරිත්‍යාග කළ බව විපක්ෂ නායක කාර්යාලය කියා සිටී.
ඉතා විනිවිද ලෙසත්, ක්‍රමානුකූලව සහ ප්රශස්ත ලෙසත් එම කටයුත්ත සිදු කරන බවට තමන්ට නිරීක්ෂණය වී ඇති අතර, එබැවින් මෙවැනි පරිත්‍යාගයන් ඉදිරියේදීද සිදුකිරීමට අපේක්ෂා කරන බවද එහිදී කොළඹ චීන චීජං හොංග් මහතා කියා සිටී.
ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් චීන රජය විසින් ලබාදුන් පරිත්‍යාගය පිළිබඳව තම කෘතවේදිත්වය පුද කරන බවත්, සම්ප්‍රදායික විපක්ෂයකින් එහාට ගිය රටට අගයක් එකතු කිරීමේ කටයුත්ත තමන් නොපිරිහෙලා ඉදිරියටත් ඉටු කරන බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මේ පරිත්‍යාගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.