දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතුයි – ඥානසාර හිමි
මෙරට තුළ ජාතීන් අතර සහජීවනය ඇති කිරීම සඳහා දේශපාලනඥයින් පුනරුත්ථාපනය කළ යුතු බව “එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසති.
දේශපාලනඥයින් තම පැවැත්ම උදෙසා සිද්ධි නිර්මාණය කරමින් සිටින අතර එසේත් නොමැති නම් ඇතිවන සිද්ධීන් ඔවුන්ගේ බල උවමනා සඳහා යොදා ගන්නා බව උන්වහන්සේ සඳහන් කළහ.
“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය මධ්‍යම පළාතේ ජනතාවගේ අදහස් විමසීමේ කටයුතු පෙරේදා ආරම්භ කළේය.
ඒ අනුව, අදහස් ලබාගැනීම අද (27) තුන් වන දිනටත් සිදුකෙරේ.