ත්‍රිකුණාමලය තෙල් ටැංකි 14ක් තවත් 50 වසරකට LIOCට
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ දැනට ලංකා IOC සමාගම විසින් කළමනාකරණය කරනු ලබන තෙල් ටැංකි 14ක් තවත් වසර 50කට එම සමාගමට බදු දීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය – උදය ගම්මන්පිල මහතා පවසයි.
මේ අතර, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් තෙල් ටැංකි 24ක් නඩත්තු කරන බවත්, තවත් ටැංකි 61 ක් අලුතින් පිහිටුවන ලද ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගම විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලබයි.
ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ කොටස් 51% සහ 49% පිළිවෙලින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් ලංකා IOC සමාගමටත් හිමිවේ.