කොළඹ රහස් ඔත්තු නිලධාරීන් දෙගුණ තෙගුණ කරයි!
2022 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරයේ සහ බස්නාහිර පළාත තුළ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් යොදවා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කරන බව පොලිස් මුලස්ථානය කියයි.
අද (31) රාත්‍රියේ සහ හෙට (1) දිනය තුළ මෙහෙයුම් සිදුකරන බවත්, ඒ සදහා නිළ ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන්, රථවාහන නිලධාරීන් හා බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම රාජකාරි සදහා කොළඹ නගර තුළ බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක් යොදවා ඇති බවද හෙතෙම කීය.
බීමත් රියදුරන්, අධික වේගයෙන් රථ ධාවන කරන සහ මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම, මහජනයා වැඩි වශයෙන් ඒකරාශි වන ස්ථාන වල ගැවසෙන සොරුන් ගැටකපන්නන් , ජනතාවට හිරිහැර කරන පුද්ගලයන් අත්අඩංගුවයට ගැනීම , සෞඛ්‍ය ආරක්ෂා නීති පිළිනොපදින පුද්ගලයන් හදුනා ගැනීම, මාර්ග තදබදය අවම කිරීම ආදි කටයුතු මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල යටතේ සිදුවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මහජනයා වැඩි වශයෙන් ඒකරාශී වන ගාලු මුදොරමුවදොර පිටියේ ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත්, එම ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසේන හෙයින් වාහන නැවැත්වීම සදහා විශේෂ රථගාල් ද ස්ථාපිත කර ඇති බවත්, විශේෂ රථවාහන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඉහත කාලය තුළ පොලිස් මාර්ග බාධක යොදා පුද්ගලයන්, රථවාහන පරීක්ෂාව සිදුකරන බවත්, මත්ද්‍රව්‍ය හදුනා ගැනීම සදහා පොලිස් නිළ සුනඛයන් ද යොදවන බව හෙතෙම සඳහන් කළේය.
ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පොලිස් නිලධාරීන් රාජකාරි වල යොදවා ඇති බවත්, ඔවුන්ගේ උපදෙස් වලට අනුගත වෙමින් එම පොලිස් නිලධාරීන්ට උපරිම සහය ලබා දෙන ලෙසත්, සෞඛ්‍ය මාර්ග උපදෙස් අනුව උපරිම කටයුතු කරන ලෙසටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩි දුරටක් කියා සිටියේය.