සජිත් සියලුම සියලුම අලුත් අවුරුදු සාද නවත්තයි !
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විපක්ෂනායක කාර්යාලය විසින් ජනවාරි පළමු සතියේ පැවැත්වීමට යොදාගෙන තිබූ සියලුම අලුත් අවුරුදු සාද අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ජනවාරි 03 වැනිදා විපක්ෂ නායක කාර්යාලයේ කාර්යාල සේවකයන් සමඟ පැවැත්වීඹට නියමිතව තිබූ අලුත් අවුරුදු භෝජන සංග්‍රහය සහ මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැත්වීමට නියමිතව තිබූ භෝජන සංග්‍රහය අත්හිටුවීමට ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.
ප්‍රේමදාස මහතා හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව සමග රැස්වීම් මාලාවක නිරත වෙමින් සිටින අතර එම ජනතාව මුහුණ දී සිටින උග්‍ර ආහාර හිගය සම්බන්ධයෙන් දැනගැනීමෙන් පසුව මේ තීරණය ගෙන ඇති බවද මේ අතර වාර්තා වේ.
මේ අවස්ථාවේ රට තුළ කිරිබත් කෑමට වාතාවරණයක් නොමැති බව කියමින් හම්බන්තොට සිට දුරකථනයෙන් ප්‍රේමදාස මහතා සිය පෞද්ගලික ලේකම් රවී ජයවර්ධන මහතා අමතමින් අදාළ සාද අත්හිටුවන ලෙස දන්වා ඇත.